චතුරංග කොහොල්ලෑ බබා වෙලා : නිර්මාල්ගෙන් බෞතීස්මය ලැබෙයි !




නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගේ කීර්ති නාමයට හානිකර ඇති බවට පැමිණිල්ලක් ගොනුකර ඇති බව තමන් දන්නා නමුත් ඔහුගේ කීර්ති නාමයට හානියක් වූයේ කෙසේදැයි තමන් නොදන්නා බවත් එවැන්නක් සිදුව ඇත්නම් කියන්න තිබෙන්නේ “කරන්න දෙයක් නෑ” කියා යැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

චතුරංග අබේසිංහ මෙම සිදුවීම නීතිය හමුවට ගෙන යෑමෙන් ඔහුට විරුද්ධ ප්‍රචාරයන් තවත් වැඩි වී හානිය ඉහළ ගොස් ඇති බවත් අවසානයේ නියෝජ්‍ය ඇමතිවරයා කොහොල්ල බබාගේ තත්ත්වයට පත්ව ඇති බවත් නිර්මාල් පෙන්වාදෙයි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව සඳහන් කර සිටියේ You tube නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත්කරමිනි.

ධර්මය රකින්නා ධර්මය විසින් රකින්නා සේ ඉහළ ආචාර ධාර්මික ගුණයකින් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කරන කෙනෙකුට එම ආචාර් ධර්ම නොතකා යම් අයෙකු පහර දේ නම් එසේ පහර දෙන්නාට විශාල හානියක් වන බවත් ඔහුට කිසිදු හානියක් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි

The post චතුරංග කොහොල්ලෑ බබා වෙලා : නිර්මාල්ගෙන් බෞතීස්මය ලැබෙයි ! appeared first on Newshub.



from https://ift.tt/4F7fcjK Newshub https://ift.tt/nO1Wvou

Post a Comment

0 Comments