අවුරුදු ඉවරයි : ජනපති අනුර යළිත් කරළියේ !



සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකත් සමයේ නිහඬව සිටි ජනාධිපති අනුර කුමාර දිසානයක යළිත් සිය දේශපාලන කටයුතු අද (17) සිට ආරම්භ කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගත් උතුරු පළාත් ජනහමු ඇමතීම අද සිදුකිරීමට නියමිතය.

එහිදී මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පවත්වන ජනරැලි කිහිපයක් ජනාධිපතිවරයා අද දිනයේ අමතයි.

එසේම ඉදිරි දිනවල රට පුරා සංවිධානය කර ඇති අනෙක් ජනහමු සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානයක සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Post a Comment

0 Comments