කිසිදු අවසරයකින් තොරව හයිලෙවල් 138 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෝටර්රථ තරගයක් පැවැත්වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙවැනි තරගයක් පැවැත්වීමේ දී ඒ සඳහා පොලිසියේ අනුමැතිය ලබා ගත යුතු වුවත් මෙම තරඟය සඳහා එවැනි කිසිදු අවසරයක් ලබාගෙන නැති බව පොලිසිය පවසයි.
මෙම මෝටර් රථ තරඟය නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට සහ මහජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වු බව අවට ප්‍රදේශවාසීහු පවසති.
අවසරයකින් තොරව මෙවැනි තරගයක් සංවිධානය කළ අය පිළිබඳව මෙන්ම තරඟයට සහභාගී වූ අය පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඔවුන්ට එරෙහිව නීතියෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
The post හයිලෙවල් ප්‍රධාන මාර්ගය වසා කාර් රේස් පැවැත්වූ පිරිස සම්බන්ධයෙන් පොලිසින් පුළුල් පරීක්ෂණයක් appeared first on Newshub.
from Newshub https://ift.tt/crIRx1o

0 Comments